2009 සිංහල අළුත් අවුරුද්ද
ලාභම රෙදිකඬේ පෝලිමට වඩා දිගයි
ඒ අසල බැංකුවේ උගස්බඩු පෝලිම
නිදිකුම්බා මල
කවිදුගේ සොහොන වටා
මල් වැවිය යුතු යැයි මම කීවෙමි
නැත.......ඉන් ඵල කිම?
අප කළ යුත්තේ ඔහු පෙන්වූ
ලොව මැවීම යැයි ඔවුන් කීය
මේ අතර.........
තප්පර කුරුල්ලා තටු සලා
කාලය පසු කළේය...
මගේ මිතුරෝ බිදී නැවතින
උදැසනක මා යන විට
කිවිදුගේ සොහොන ළග පිපි
නිදි කුම්බා මලක්
මා දැක සිනාසුනාය....
දැණුනු නිසා ලියූ කවි
Author: Sankha /කවි - රාත්රිය හා නිවන
Author: Sankha /රාති්රයට
සොරු ඉදියි මග බලා
මිතුර නුඹ එන තුරා.....
ඒත් නුඹ සොරුන්ගේ මිතුරෙක්ද ?
කළුම කළු සළු අදින
නුඹේ හද ගනදුරුද?
තාරුකා කියන්නේ,
නුඹේ සොදුරු සිතිවිලිද
මිතුර තව කළු වෙයන්,
තව තවත් ගොළු වෙයන්,
මගෙ රහස් අරගනින්,
තව රහස් මට දියන්.......
නිවන යනු
ඈත මිටියාවතෙන්
ඉහළ නගින
දුමාරයක - දුමාරයක් වී
අහස්තලාව මත විසිරී
නැතිව යාමද.....?
Subscribe to:
Posts (Atom)