සසර දුක
අසපුවේ
සුදු සිනිදු මුදු වැල්ල,
බෝ ගසේ
ලා දළු සිලි සිලිය,
පහන් සිල
පහන් සිලු රංගනය,
තාපසය,
නුඹට පවසාද සසර දුක
* * * * * * *
රස්සාව අහිමි වී
සාදුකින් පෙලෙන විට,
වැසි දියට
ගේ ඇතුල තෙමෙන විට,
පොඩි එකා කිරි නැතිව අඩන විට,
දහස් වර දැනේ මට
සසර දුක
පූජාත පූජනීයානං
ඉවුරේ නා ගසේ මල් වැටුණම ගගට.......
ගග ඒ මල් පුදයි ගං තෙර බුදු රුවට.............
කිරිදිවැල පාලිත සේනාරත්න
www.palitha-kavi.blogspot.com
කවි - පාළු හිංදම නොවේ
Author: Sankha /
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment