බ‍්‍රහ්මචාරියාගේ වට්ටක්කා ගෙඩිය

Author: Sankha /




මගේ හේනේ
රතු මිරිස්
තදම තද රතු වුණත්
රතුපාට මිරිස් යාය
රතු කළේ නැහැ මසිත
ඒත්......මේ
පිනි ඉහිල දිලිසෙන
ගෝමර පිපුණු
මෝරන වට්ටක්කා ගෙඩිය
ඇයි......... අවුලන්නේ කළඹන මසිත
චික්...... විතරක්..........



(චිත‍්‍රය - වී. පී. සුනිල් ශාන්ත )

කිරිදිවැල පාලිත සේනාරත්න
www.palitha-kavi.blogspot.com

දැ‍නෙන කවිද බලන්න.....

Author: Sankha /

කැළලක කතාව

හදවත කැළැල් ඇත ඒ හැම කැළලකම
නොමියෙන මතක සිතුවම් ඇත සොදුරුතම
කැළලින පිරුණු හිතකට පෙම් කරමි මම
නොකැළැල් හදක නොදරයි ලොව ගැඹුරු පෙම



සුනාමියටත් වනාපි

කොහෙන්ද මේ කිඹුල් කදුළු
මුහුදු වෙරළට ඇයි.....?
කැඩුණු පැල්පත් බලන්න
අද ඇමතිවරු
ඇවිත් ගියානේ වෙරළට


කිරිදිවැල පාලිත සේනාරත්න

www.palitha-kavi.blogspot.com



බොහෝ පවුල් ජීවිත ගෙවී යයි මෙසේ

Author: Sankha /


නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන
මොහොතක සාමයක්
නැවතත්

:

:


බැණ අඩගැහිලි
ගුටි බැට හුවමාරු
කිරි බෝතල් සූප්පු
කංකෙදිරි නැතිබැරිකම්
අතර

:

:


නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන
මොහොතක සාමයක්
නැවතත්

:

:


ආඩපාලි නෝක්කාඩු
හැප්පිලි ගැස්සිලි පිප්පිලි
ඉස්කෝල පොත, හාල් තුනපහ
ණය තුරුස්, පොලී කඩබිල් ජල බිල්, ලයිට්බිල්
අතර

:

:


නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන

:

මොහොතක සාමයක්
නැවතත්
:
කිරිදිවැල පාලිත සේනාරත්න

www.palitha-kavi.blogspot.com


කවි සිත් වලට

Author: Sankha /

ජාතික චින්තනය

‍‍‍‍‍‍‍ලේ මිදුණු ම‍ගේ ‍‍‍‍දේශය
‍‍‍‍‍‍‍‍ලේ ගලා යන ම‍‍‍ගේ ‍‍‍‍දේශය
සමනල කන්ද පාමුල සගවා
තව ‍‍‍‍‍‍කො ‍‍‍තෙක් කල් රැක ගනීවිද
........ම‍‍‍‍‍ගේ කම..........
අරාබි කාසි වලට
සීලවතී ‍‍‍‍‍‍ගේසිල් බි‍‍‍‍‍‍‍‍‍දෙන විට
ඇමරිකානු කුඩු වලට
ධර්මදාස‍‍ගේ ධර්මය බිළි‍‍‍වෙන විට
මහවැලි කැළණි කළු ව‍‍‍‍ල‍‍‍‍වේ
සිව්මහ ගංගාවල සගවා
තව ‍‍‍‍‍‍‍කො ‍‍‍තෙක් කල් රැක ගනීවිද
ම‍‍‍‍‍‍ගේකම,
අනන්‍යතාවය,
සිංහල ලකුණ,
‍‍‍‍‍‍‍‍..........


සීගිරිය ලියූ කවියක්

අ‍‍‍‍‍‍හෝ මරණය
නුඹ ‍‍‍‍‍‍‍කෙලෙස මැරුවාද
‍‍‍‍මේ තරම් අභීත
කාශ්‍යප

‍‍කවි - ‍‍‍පාළු හිංදම ‍‍‍‍ ‍‍‍‍‍‍‍‍නොවේ

Author: Sankha /

සසර දුක

අසපු‍වේ
සුදු සිනිදු මුදු වැල්ල,
‍‍බෝ ග‍‍‍සේ
ලා දළු සිලි සිලිය,
පහන් සිල
පහන් සිලු රංගනය,
තාපසය,
නුඹට පවසාද සසර දුක

* * * * * * *
රස්සාව අහිමි වී
සාදුකින් ‍‍පෙ‍‍‍‍‍ලෙන විට,
වැසි දියට
‍‍‍ගේ ඇතුල ‍‍‍තෙමෙන විට,
‍‍‍‍‍‍පොඩි එකා කිරි නැතිව අඩන විට,
දහස් වර දැ‍‍‍‍නේ මට
සසර දුක

පූජාත පූජනීයානං

ඉවු‍‍‍‍‍‍රේ නා ග‍‍‍‍‍සේ මල් වැටුණම ගගට.......
ගග ඒ මල් පුදයි ගං ‍‍‍‍‍‍‍‍‍තෙර බුදු රුවට.............


කිරිදිවැල පාලිත ‍‍‍‍‍‍‍‍‍සේනාරත්න
www.palitha-kavi.blogspot.com