බොහෝ පවුල් ජීවිත ගෙවී යයි මෙසේ

Author: Sankha /


නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන
මොහොතක සාමයක්
නැවතත්

:

:


බැණ අඩගැහිලි
ගුටි බැට හුවමාරු
කිරි බෝතල් සූප්පු
කංකෙදිරි නැතිබැරිකම්
අතර

:

:


නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන
මොහොතක සාමයක්
නැවතත්

:

:


ආඩපාලි නෝක්කාඩු
හැප්පිලි ගැස්සිලි පිප්පිලි
ඉස්කෝල පොත, හාල් තුනපහ
ණය තුරුස්, පොලී කඩබිල් ජල බිල්, ලයිට්බිල්
අතර

:

:


නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන

:

මොහොතක සාමයක්
නැවතත්
:
කිරිදිවැල පාලිත සේනාරත්න

www.palitha-kavi.blogspot.com


2 comments:

Narada said...
This comment has been removed by the author.
Narada said...

ඔක පවුලේ විතරක් නෙමේ, රටේ ප්‍රකට දෙකකත් (මොකද්ද කියලා කියන්න ඔනේ නැහැනේ?) වෙනවා නොවැ? අනික දෙපැය පොහොර දෙනවානේ හුරේ කිය කිය ඔවාට!