දැ‍නෙන කවිද බලන්න.....

Author: Sankha /

කැළලක කතාව

හදවත කැළැල් ඇත ඒ හැම කැළලකම
නොමියෙන මතක සිතුවම් ඇත සොදුරුතම
කැළලින පිරුණු හිතකට පෙම් කරමි මම
නොකැළැල් හදක නොදරයි ලොව ගැඹුරු පෙම



සුනාමියටත් වනාපි

කොහෙන්ද මේ කිඹුල් කදුළු
මුහුදු වෙරළට ඇයි.....?
කැඩුණු පැල්පත් බලන්න
අද ඇමතිවරු
ඇවිත් ගියානේ වෙරළට


කිරිදිවැල පාලිත සේනාරත්න

www.palitha-kavi.blogspot.com



1 comments:

Lanka said...

කවිය ලස්සනයි