දැණුනු නිසා ලියූ කවි

Author: Sankha /

2009 සිංහල අළුත් අවුරුද්ද

ලාභම රෙදිකඬේ පෝලිමට වඩා දිගයි
ඒ අසල බැංකුවේ උගස්බඩු පෝලිම


නිදිකුම්බා මල

කවිදුගේ සොහොන වටා
මල් වැවිය යුතු යැයි මම කීවෙමි
නැත.......ඉන් ඵල කිම?
අප කළ යුත්තේ ඔහු පෙන්වූ
ලොව මැවීම යැයි ඔවුන් කීය
මේ අතර.........
තප්පර කුරුල්ලා තටු සලා
කාලය පසු කළේය...
මගේ මිතුරෝ බිදී නැවතින

උදැසනක මා යන විට
කිවිදුගේ සොහොන ළග පිපි
නිදි කුම්බා මලක්
මා දැක සිනාසුනාය....

2 comments:

jayantha colombage said...

ඔබ දකින්නේ විශ්වයේ පවතින අනිත්‍ය ස්වභාවය හැරෙන්නට අන් කුමක්ද?? ඔබේ අනුභූතිය නම් හරිම අපූරුයි. සුභපැතුම් මිතුර..තව ලියන්න

බිඟූ said...

lassanay...