2009 සිංහල අළුත් අවුරුද්ද
ලාභම රෙදිකඬේ පෝලිමට වඩා දිගයි
ඒ අසල බැංකුවේ උගස්බඩු පෝලිම
නිදිකුම්බා මල
කවිදුගේ සොහොන වටා
මල් වැවිය යුතු යැයි මම කීවෙමි
නැත.......ඉන් ඵල කිම?
අප කළ යුත්තේ ඔහු පෙන්වූ
ලොව මැවීම යැයි ඔවුන් කීය
මේ අතර.........
තප්පර කුරුල්ලා තටු සලා
කාලය පසු කළේය...
මගේ මිතුරෝ බිදී නැවතින
උදැසනක මා යන විට
කිවිදුගේ සොහොන ළග පිපි
නිදි කුම්බා මලක්
මා දැක සිනාසුනාය....
දැණුනු නිසා ලියූ කවි
Author: Sankha /කවි - රාත්‍රිය හා නිවන
Author: Sankha /රාති‍්‍රයට
සොරු ඉදියි මග බලා
මිතුර නුඹ එන තුරා.....
ඒත් නුඹ සොරුන්ගේ මිතුරෙක්ද ?
කළුම කළු සළු අදින
නුඹේ හද ගනදුරුද?
තාරුකා කියන්නේ,
නුඹේ සොදුරු සිතිවිලිද
මිතුර තව කළු වෙයන්,
තව තවත් ගොළු වෙයන්,
මගෙ රහස් අරගනින්,
තව රහස් මට දියන්.......
නිවන යනු
ඈත මිටියාවතෙන්
ඉහළ නගින
දුමාරයක - දුමාරයක් වී
අහස්තලාව මත විසිරී
නැතිව යාමද.....?
හිතන්න කවියක්
Author: Sankha /කාක් කාක් කාක්
මෙවැනි පවිටු දුදනන්ට
ආලෝකය ලබා දීම
පාපයැකැයි සිතූ සූර්ය දිව්‍යරාජ
යළි නොපායමියි අදිටන් කොට
සැදෑ මුහුදේ ගිලී අතුරුදන් විය
එකල්හි
නින්දෙන් අවදිවු
එක්..... කපුටෙක්
ගෙවී නොයන අදුර දැක
"අද ආලෝකය පැමිණ තිබෙන්නේ
අපේ පියාපත් වල පාටිනි,
ඉතා පියකරුයි"
"හනික නැගිටපල්ලා" යැයි ඉතා සතුටින්
කාක් කාක් හඩ නගා කෑගැසීය.....
-----------
මූණ දික්කරගෙන
කසාදය ගැන......නිතර
සිතමින් සිටින නිසා
ඒ කසාදයට දැන්
මේ නම හොදට ගැලපේ..
දික්කසාදය
මිනිසා සහ හූනා
Author: Sankha /
පොල් අත්තේ
බිත්තර දමන පණ්ඩිතයාණෙනි
අපේ ඉරණම හොල්ලන
නුඹේ අවලං හුචු....හුචු හඩින්
අපේ දූපත් මනසට
බාධා කළා මදිද දැන්
අර බලපන්
ලෝකය හුගක් දුර ගිහින්
කිරිදිවැල පාලිත සේනාරත්න
www.palitha-kavi.blogspot.com
බ්රහ්මචාරියාගේ වට්ටක්කා ගෙඩිය
Author: Sankha /දැනෙන කවිද බලන්න.....
Author: Sankha /කැළලක කතාව
හදවත කැළැල් ඇත ඒ හැම කැළලකම
නොමියෙන මතක සිතුවම් ඇත සොදුරුතම
කැළලින පිරුණු හිතකට පෙම් කරමි මම
නොකැළැල් හදක නොදරයි ලොව ගැඹුරු පෙම
සුනාමියටත් වනාපි
කොහෙන්ද මේ කිඹුල් කදුළු
මුහුදු වෙරළට ඇයි.....?
කැඩුණු පැල්පත් බලන්න
අද ඇමතිවරු
ඇවිත් ගියානේ වෙරළට
කිරිදිවැල පාලිත සේනාරත්න
www.palitha-kavi.blogspot.com
බොහෝ පවුල් ජීවිත ගෙවී යයි මෙසේ
Author: Sankha /නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන
මොහොතක සාමයක්
නැවතත්
:
:
බැණ අඩගැහිලි
ගුටි බැට හුවමාරු
කිරි බෝතල් සූප්පු
කංකෙදිරි නැතිබැරිකම්
අතර
:
:
නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන
මොහොතක සාමයක්
නැවතත්
:
:
ආඩපාලි නෝක්කාඩු
හැප්පිලි ගැස්සිලි පිප්පිලි
ඉස්කෝල පොත, හාල් තුනපහ
ණය තුරුස්, පොලී කඩබිල් ජල බිල්, ලයිට්බිල්
අතර
:
:
නිර්දය පහර දීමක් සහ
ආසාවෙන් පහර කෑමක්
අවසන
:
නැවතත්
:
www.palitha-kavi.blogspot.com